28th August 2025
ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය මත 2025 අගෝස්තු මස 27 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ පරිශ්‍රයේදී ‘තෘප්තිමත් සහ නිර්භීත යුද්ධ හමුදාව’ යන තේමාව ඔස්සේ දේශනයක් පැවැත්විණි.
මෙම දේශනය ලුතිනන් කර්නල් ඊ.ඒ.එස්.එස් චාමින්ද සහ මේජර් එම්.අයි මරික්කාර් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් සිදුකළ අතර එහිදී අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණදීම, දරාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ යුද්ධ හමුදා සාමාජිකයන් අතර වෘත්තීය තෘප්තිමත්භාවය වැඩිදියුණු කිරීම වැනි කරුණු කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමුකෙරිණි. මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.