යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්

යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් 2026 පෙබරවාරි මස 25 වන දින යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ද, මාර්තු මස 04 වන දින යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ද, මාර්තු මස 10 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ද, මාර්තු 17 වන දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ද පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ කර්නල් කේ.ඒ.ඩී.සී.ජේ. කොඩිතුවක්කු විසින් මෙම දේශනයන් පවත්වන ලදී. එහිදී, දිගුකාලීන ඉතිරිකිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කරමින් මූල්‍ය වටිනාකම ඉහල නැංවීම කෙරෙහි අවධානය යොමු කළේය. එමෙන්ම, මාසික ආදායම කළමනාකරණය කිරීම, ඉතිරිකිරීම් වැඩි කිරීම සහ විශ්‍රාම යාමේදී අනාගත මූල්‍ය ආරක්‍ෂාව සඳහා සැලසුම් කිරීම පිළිබඳව වූ ප්‍රායෝගික ක්‍රමවේදයන් ද එහිදී අවධාරණය කරන ලදී.

මෙම දේශන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.