යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 14 වන පාබල සේනාංකය දැනුවත් කිරීමේ දේශන පවත්වයි

යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ දේශන මාලාවක් 2026 පෙබරවාරි මස 24 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සහ 2026 මාර්තු මස 03 දින 14 වන පාබල සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදී.

යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ, කර්නල් කේ.ඒ.ඩී.සී.ජේ. කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මෙම දේශන මෙහෙයවන ලදී. එහිදී යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ අරමුණු, ක්‍රියාකාරීත්වය සහ එමගින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළේය. තවද, අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු නිසි ක්‍රියාපටිපාටිය පැහැදිලි කළ අධ්‍යක්ෂවරයා, සැකසුම් කටයුතුවලදී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා නිවැරදි පරිපාලනමය මාර්ග ඔස්සේ සම්පූර්ණ සහ නිවැරදි ලේඛන ඉදිරිපත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් දේශන සඳහා සහභාගී වූහ.