29 වන මූලික ආපදා ප්‍රතිචාර පාඨමාලාව සාර්ථකව අවසන්

අංක 29 මූලික ආපදා ප්‍රතිචාර පාඨමාලාව ගම්පොළ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේදී 2026 ජනවාරි මස 05 දින සිට පෙබරවාරි මස 13 දින දක්වා සාර්ථකව පවත්වන ලදී.

පාඨමාලාව සඳහා නිලධාරීන් 05 දෙනෙකු සහ සෙසුනිලයන් 121 දෙනෙකු සහභාගී වූ අතර, මෙම පාඨමාලාව මඟින් ආපදා ප්‍රතිචාර මෙහෙයුම් සහ හදිසි අවස්ථා කළමනාකරණය පිළිබඳ ඔවුන්ගේ දැනුම සහ ප්‍රායෝගික කුසලතා වැඩි දියුණු විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් ඩබ්ලිව්.එම්. සමන්ත ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සමාප්ති දේශනය පවත්වමින් පාඨමාලාවට සහභාගී වූවන්ගේ කැපවීම අගය කළ අතර, ආපදා ප්‍රතිචාර මෙහෙයුම්වලදී සූදානම්ව සිටීමේ සහ වෘත්තීය මට්ටම පවත්වාගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.