3rd April 2026
අම්පාර, සටන් පුහුණු පාසල විසින් පවත්වන ලද ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක 85, හි සහතිකපත් ප්‍රදානෝත්සවය 2026 මාර්තු මස 31 දින පැවැත්විණි.
මාසයක කාලයක් පුරා පැවති මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සිසු/සිසුවියන් 144 දෙනෙකු සහභාගී වූහ.
4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් ඩී.එම්.එන්. බණ්ඩාර පාඨමාලාවේ හොඳම ශිෂ්‍යයා ලෙස සම්මාන ලැබීය.
සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.කේ.සී.එස්. ද සිල්වා RSP ndc සමාප්ති දේශනය පැවැත්වීය.
උත්සව අවස්ථාවට එම පුහුණු පාසලේ අණදෙන නිලධාරි, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.