14 වන රසායනික න්‍යෂ්ඨික ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතික්‍රියා රෙජිමේන්තුවෙන් වැඩසටහනක්

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 14 වන රසායනික න්‍යෂ්ඨික ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතික්‍රියා රෙජිමේන්තුව විසින් කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ කළමනාකරණ සහ ආරක්‍ෂක කාර්ය මණ්ඩලය සඳහා 2026 මාර්තු මස 24 වන දින එම හෝටල් පරිශ්‍රයේදී පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.

එහිදී, දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟින් නවීන ආරක්‍ෂක තර්ජනයන් පිළිබඳව හෝටල් කාර්ය මණ්ඩලයේ දැනුවත්භාවය සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වැඩි දියුණු කරනු ලැබීය.