ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 58 සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසල විසින් පවත්වන ලද ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 58 හි සහතිකපත් ප්‍රදානෝත්සවය 2026 පෙබරවාරි මස14 වන දින පැවැත්විණි.

අවසන් දින දේශනය එම සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.කේ.සී.එස්. ද සිල්වා RSP ndc විසින් පවත්වන ලදී.

මෙම පාඨමාලාවට ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 45 දෙනෙකු සහභාගී අතර, පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස 1 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් ජී.වී. සම්පත් RSP USP සම්මාන ලැබීය.

උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිල උපදේශකයින් සහභාගී වූහ.