2023-07-03 21:55:43
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් සඳහා දැනට ක්‍රියාත්මක කරනු ලබන යෝගට් නිෂ්පාදනය කිරීමේ ව්‍යපෘතීන් තව දුරටත් පුළුල් කිරීමේ අරමුණින් දියතලාව, 8 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකා කඳවුරු පරිශ්‍රයේ ඉදිකරන ලද ‘යෝගට්’ නිෂ්පාදන මධ්‍යස්ථානය පසුගිය ඉරිදා (ජූලි 02) දින විවෘත කරන ලදී.
2023-07-01 22:03:45
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් කරනු ලබන මින්නේරිය ප්‍රදේශයේ පිහිටි ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගිය සිකුරාදා (ජූනි මස 30) දින මින්නේරිය ශ‍්‍රී ලංකා කාලතුවක්කු හමුදා කඳවුරු පරිශ්‍රයේ පිහිටි ජෙනරල් ලයනල් බලගල්ල ක‍්‍රීඩාංගණයේදී ‘Jungle’ තේමාව ඔස්සේ පැවැත්විණි.
2023-06-29 21:39:53
මැනිං ටවුන් ‘විරු කැකුළු’ පෙරපාසලේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගිය බදාදා (28) දින එම පෙර පාසල් ක්‍රීඩාපිටියේදී පැවැත්වූ අතර, එහිදී ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා සහ සෞන්දර්ය කුසලතා එළිදැක්වූහ. උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් කිහිපදෙනෙකුද සහභාගී වූහ. එහිදී, දරු දැරියන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත මල් කළඹක් පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2023-06-29 21:10:53
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණයෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ආබාධිත සෙබළුන් අතර බෙදා දීම සඳහා පරිත්‍යාගශීලී ප්‍රජානිත පුෂ්පකුමාර සහ ජයනාත් ද සිල්වා යන මහත්වරුන් විසින් නව රෝද පුටු තුනක් පසුගිය අඟහරුවාදා (17) දින රත්නපුර, කුරුවිට, ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පරිත්‍යාග කරනු ලැබීය.
2023-06-27 22:26:04
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් පාලනය වන අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගිය සඳුදා (ජූනි මස 26) දින එම පෙර පාසල් ක්‍රීඩාපිටියේදී ‘සෞඛ්‍ය සම්පන්න දරුවන් - සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්’ තේමාව ඔස්සේ පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් කිහිපදෙනෙකුද සහභාගී වූහ. එහිදී, දරු දැරියන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත මල් කළඹක් සහ බුලත් අතක් පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2023-06-27 22:19:41
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් පාලනය වන ඉපලෝගම ප්‍රදේශයේ පිහිටි ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගිය සඳුදා (ජූනි මස 26) දින එම පෙරපාසල් ක්‍රීඩාපිටියේදී ‘Fruit Party’ තේමාව ඔස්සේ පැවැත්විණි. උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සාමාජිකාවන් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
2023-06-24 19:33:07
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් පාලනය වන පල්ලේකැලේ ප්‍රදේශයේ පිහිටි ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගිය සිකුරාදා (ජූනි මස 23) දින ‘විරු කැකුළු’ ක්‍රීඩා පිටියේදී පැවැත්විණී. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ මහත්මිය සහභාගී විය.
2023-06-21 23:34:16
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් පාලනය වන පනාගොඩ පිහිටි ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගිය අඟහරුවාදා (ජූනි මස 20) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ‘කැලෑව’ තේමාව ඔස්සේ පැවැත්විණි. උත්සවයේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් කිහිපදෙනෙකු සහභාගි වූහ. මෙම අවස්ථාවට සහභාගී වූ ප්‍රධාන ආරාධිත අමුත්තා දරු දැරියන් විසින් මල් කළඹක් පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ක්‍රීඩා උළෙලේදී කුඩා දරුවන් ළමා ක්‍රීඩා වලට සහභාගී වී සිය දක්‍ෂතා එළිදැක්වූහ.
2023-06-21 16:51:03
යුද්ධ හමුදා මූලස්ථානයේ සේවය නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පාර්සල් 483 ක් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණියගේ සුරතින් ප්‍රතිලාභීන් වෙත වියළි සහ නැවුම් ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කෙරිණි.
2023-06-19 20:08:23
ලෝක පියවරුන්ගේ දිනයට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා...