Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2023 22:26:04 Hours

අනුරාධපුර ‘විරු කැකුළු‘ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල සාර්ථකව පැවැත්වේ

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් පාලනය වන අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගිය සඳුදා (ජූනි මස 26) දින එම පෙර පාසල් ක්‍රීඩාපිටියේදී ‘සෞඛ්‍ය සම්පන්න දරුවන් - සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්’ තේමාව ඔස්සේ පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් කිහිපදෙනෙකුද සහභාගී වූහ. එහිදී, දරු දැරියන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත මල් කළඹක් සහ බුලත් අතක් පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ක්‍රීඩා උළෙලේදී කුඩා දරුවන් ළමා ක්‍රීඩා වලට සහභාගී වී සිය දක්‍ෂතා එළි‍දැක්වූ අතර එම දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන්ද විශේෂ ක්‍රීඩා ඉසව් කීහිපයක් පැවැත්විණි. විනෝදාත්මක අංගයන් සහ තූර්ය වාදන සංදර්ශනය මෙම උත්සවය වර්ණවත් කරනු ලැබූ අතර, උත්සවය සමාප්තියේ ජානකී ලියනගේ මහත්මිය ගේ සුරතින් කුඩා ළමුන් වෙනුවෙන් ත්‍යාග ප්‍රදානය කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා සහභාගී වීම නිමිත්තෙන් එතුමින වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ඉපලෝගම ‘විරු කැකුළු’ පෙරපාසල් කළමණාකාර දීපරේකා රණසිංහ මහත්මිය, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, සෙසුනිලයන් සහ දෙමාපියන් ද සහභාගී වූහ.