15th July 2017 13:48:43 පැය
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් බස්නාහිර පලාත ආවරණය වන පරිදි දියත් කරනු ලැබූ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනේ තවත් අදියරක් අද (14) දින හංවැල්ල, හෝමාගම, කඩුවෙල, පිළියන්දල, පිටකෝට්ටේ, කහතුඩුව, අත්තනගල්ල, මීරිගම, දොම්පේ, බියගම, කැළණිය, හොරණ, මතුගම, වාද්දුව සහ බණ්ඩාරගම යන ප්‍රදේශ ආවරණය වන පරිදි පවත්වනු ලැබීය.
13th July 2017 11:11:28 පැය
පුනරීන් ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල්වල සිවිල් වැසියන් 1000 කට වැඩිපිරිසක් වෙනුවෙන් සෙනසුරාදා (08) දින පුනරීන් මහා විද්‍යාලයේ දී ජංගම වෛද්‍ය සායනයක් පැවැත් වූ අතර, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ භට පිරිස් විසින් මෙහි කටයුතු සංවිධානය කරන ලදි.
10th July 2017 16:57:50 පැය
මුලතිව් දිස්ත්‍රික් රෝහලේ බළධාරීන්ගේ ඉල්ලීමකට අනුව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් 350 කට අධික පිරිසක් සිකුරාදා (07) දින ලේ දන්දීමේ වැඩසටහනක නිරත විය.
09th July 2017 08:17:39 පැය
යුද්ධ හමුදාව විසින් මීගමුව රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ඩෙංගු රෝගීන්ගේ මුලික රෝග විනිශ්චයන් සිදුකර ගැනීම සඳහා නොමිලේ රුධිර සාම්පල පරික්ෂා කිරීමේ පරික්ෂණාගාරය මගින් මේ වන විට සිවිල් වැසියන් 1500 කට අධික සංඛ්‍යාවක් රුධිර පරික්ෂාවට ලක් කර ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය (SLAMC) පවසයි.
09th July 2017 08:15:31 පැය
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය මගින් පුරා සතියක කාලයක් පවත්වනු ලබන ඩෙංගු මර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනේ හතර වන දින වන බදාදා (05) යුද්ධ හමුදාව, පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායම් 60 ක් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය ආවරණය කරමින් ඩෙංගු මර්ධනය කිරීමේ කටයුතු සිදු කරනු ලැබීය.
08th July 2017 19:56:24 පැය
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය මගින් පුරා සතියක කාලයක් තුළ ක්‍රියාත්මක කරනු ලබන ඩෙංගු මර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන යටතේ හයවන දිනටත් සිකුරාදා (07) කිරුළපන සහ පාමංකඩ ප්‍රදේශයන් ආවරණය කරමින් ඩෙංගු මර්ධනය කිරීමේ කටයුතු සිදු කරනු ලැබීය.
07th July 2017 21:39:03 පැය
යුද්ධ හමුදාව, වනජිවි සුරකුම් පදනම, විදුලිබල මණ්ඩලය සහ මහවැලි අධිකාරිය එක්ව ක්‍රියාත්මක ජල පෝෂක ප්‍රදේශවල රුක්රෝපණය කිරීමේ වැඩසටහනට සමගාමීව එහි තවත් අදියරක් ලෙස කන්දකාඩු ඇළ ඉවුර දෙපස උණ පැළ 250 ක් සිටුවීම සිදු කරනු ලැබීය.
07th July 2017 13:00:25 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ ඉල්ලීමකට අනුව පෑලියගොඩ සිංහ සමාජය විසින් කිලිනොච්චි ප්‍රදේශයේ අඩුආදායම් ලාභී ජනතාව වෙත ලිපි ද්‍රව්‍ය, ඇස්කණ්ණාඩි සහ රෝද පුටු පරිත්‍යාගය කිරීම ඉරිදා (02) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී සිදු කරනු ලැබීය.
07th July 2017 12:45:56 පැය
සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන මඟින් ක්‍රියාත්මක ඇස්කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනේ 5 වන අදියර, අඟහරුවාදා (27) දින හොරිවිල මහාමායා ප්‍රජා ශාලාවේ දී පවත්වන ලදි.
07th July 2017 12:33:22 පැය
යාපනය, කෝපායි නාවලර් දමිළ විද්‍යාලයේ විදුහල්පති කේ. තර්මජීලන් මහතා විසින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි වෙත කරන ලද ඉල්ලිමකට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා සම්බන්ධීකරණයෙන් සිකුරාදා (30) දින එම පාසලේ සිසුන් කණ්ඩායමක් සඳහා පලාලි ගුවන් තොටුපලේ සංචාරය කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සපයනු ලැබීය.