27th June 2017 15:16:02 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංක භට පිරිස් විසින් විශ්ව පාරමි පදනමේ අනුග්‍රහය ඇතිව පුනරීන් ප්‍රදේශයේ පාසල් සිසුන් සහ ගර්භනී කාන්තාවන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් පසුගිය දා පූනරීන් වන්නෙරිකුලම් මහාවිද්‍යාලයේ දී පවත්වන ලදි.
27th June 2017 15:13:54 පැය
පසුගිය දා ඇති වූ ගංවතුර හේතුවෙන් විපතට පත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළපාත ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ කරංගොඩ ග්‍රාමසේවා වසමේ පවුල් 126 ක් වෙත සහ ළමුන් 250 ක් වෙත වියලි සලාක පාර්සල් සහ පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (15) දින කරංගොඩ විද්‍යාලයීය පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.
19th June 2017 15:11:57 පැය
පොසොන් පොහොය නිමිත්තෙන් සාලියවැව, කලාඔය, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අනුරාධපුර රෝහලේ ලේ බැංකුවේ ඉල්ලීම මත ලේ දන්දීම සිදු කරන ලදි.
12th June 2017 11:02:58 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ උපදෙස් මත නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් ඉංජිනේරු සේවා බලකායේ සහ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් අරන්තලාව විහාරස්ථානයේ නව විශ්‍රාම ශාලාව ඉදිකිරීම සඳහා වෘත්තිමය සහාය ලබාදෙනු ලැබීය.
12th June 2017 10:59:49 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 15 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් ‘Soft Logic Life’ පදනමේන් කරන ලද ඉල්ලීමකට අනුව එම ආයතනයේ දායකත්වයෙන් සිකුරාදා (02) දින පුනරීන්, පරමානකිරේයි රජයේ දමිළ මිශ්‍ර පාසලේ සිසුන් 44 දෙනෙකු සඳහා රුපියල් 175,000/= ක වටිනාකමින් යුත් අධ්‍යාපන උපාංග සහ පාසල් බෑග් තොගයක් බෙදා දෙනු ලැබීය.
12th June 2017 10:57:04 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 552 බලසේනාවට අයත් 23 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් මැයි මස (27) දින කච්චිවෙලි දිනේෂ් පෙර පාසලේ සිසුන් 15 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කළ අතර, ඉන් එක් පර්සලයක වටිනාකම රුපියල් 500/= ක් පමණ වේ.
02nd June 2017 10:12:24 පැය
68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් පි.ඒ.ඩි. කහපොල ගේ උපදෙස් මත එම සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිතන් කර්නල් ඩබ්.එච්.ඒ.එම්. නිශ්ෂංක විසින් යාපනය, Northern Central රෝහලේ හිමිකරු කේසර රාජා මහතා වෙත කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ අනුග්‍රහයෙන් ආනන්දපුරම් විදිවෙල්ලි පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් 25 දෙනෙකු වෙත පාසල් උපකරණ තොගයක් අඟහරුවාදා (23) දින ලබාදෙන ලදි.
24th May 2017 09:36:29 පැය
අම්පාර පිහිටි යුද්ධ හමුදා සටන් පුහුණු පාසල සිය 37 වන සංවත්සරය නිමිත්තෙන් එහි සේනාවිධායක ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ඉරිදා (21) දින සරණ ළමා නිවාසය වෙත පැමිණ එහි නේවාසික ළමුන් සඳහා දිවා ආහාරය සහ ත්‍යාග පාර්සල් ලබාදෙනු ලැබීය.
24th May 2017 09:34:47 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් සමඟ එක්ව තුනුක්කායි පිහිටි ස්කන්ධපුරම් රජයේ දමිළ විද්‍යාලයීය සිසුන් සදහා පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් සිකුරාදා (05) දින පවත්වනු ලැබිය.
24th May 2017 09:33:08 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර විසින් සමාජ සේවකයෙකු වන ශානක පෙරේරා මහතා වෙත පෞද්ගලිකව කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් බදාදා (10) දින සිංහපුර මහා විද්‍යාලයේ සිසුන් වෙත ලබාදීම සඳහා පාසල් උපකරණ විශාල තොගයක් පරිත්‍යාග කරන ලදි.