Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ වෙතින් තවත් ඇස්කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක්

සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන මඟින් ක්‍රියාත්මක ඇස්කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනේ 5 වන අදියර, අඟහරුවාදා (27) දින හොරිවිල මහාමායා ප්‍රජා ශාලාවේ දී පවත්වන ලදි.

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ සම්බන්ධිකරණයෙන් කැන්ඩි ඔප්ටිකල්ස් (පුද්) ආයතනයේ වෛද්‍ය නිමල් වීරකොන් ඇතුලු කාර්ය මණ්ඩලය විසින් මෙම ජංගම අක්ෂි සායනය පැවැත් වූ අතර, මෙහිදි අඩුආදායම්ලාභී 166 දෙනෙකු වෙත ඇස්කණ්ණාඩි බෙදාදෙනු ලැබීය.

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, යුද්ධ හමුදා නිලධාරීන්, කැන්ඩි ඔප්ටිකල්ස් (පුද්) ආයතනයේ කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Sport media | NIKE AIR HUARACHE