Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කොළඹ ප්‍රදේශයේ ඩෙංගු මර්ධනය කිරීමේ කටයුතු තවදුරටත්

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය මගින් පුරා සතියක කාලයක් පවත්වනු ලබන ඩෙංගු මර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනේ හතර වන දින වන බදාදා (05) යුද්ධ හමුදාව, පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායම් 60 ක් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය ආවරණය කරමින් ඩෙංගු මර්ධනය කිරීමේ කටයුතු සිදු කරනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් 200 ක් පමණ සහභාගි වු අතර, වැඩසටහන ලබන සෙනසුරාදා (08) දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය. හෙට දින ද මෙම කණ්ඩායම් දෙමටගොඩ සහ බොරැල්ල ප්‍රදේශ ආවරණය කරමින් මෙම විශේෂ වැඩසටහන යටතේ ක්‍රියාත්මක විමට නියමිතය.

මෙම වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයන් 60 ක් කඩුවෙල, පිළියන්දල, හංවැල්ල, හෝමාගම සහ කහතුඩුව යන ප්‍රදේශයන් අවරණය කරමින් ඩෙංගු මර්ධනය කිරීමේ වැඩසටහන් වල නිරත වේ.

මීට අමතරව, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 581 සහ 141 වන බලසේනාවන්හි 250 ක් පමණ භට පිරිස් මීරිගම, දොම්පේ, බියගම, කැලණිය, අත්තනගල්ල, මතුගම, වාද්දුව සහ බණ්ඩාරගම යන ප්‍රදේශ වල ඩෙංගු මර්ධනය කිරිමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ලබයි.

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් කොළඹ උතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ කොළඹ මහා නගර සභාවේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සෙනසුරාද (01) දින කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අසලින් ආරම්භ විය.

Running Sneakers Store | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival