16th November 2017 09:22:49 පැය
මෙවර අධ්‍යාපන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනිසිටින මුලතිව් සිසුන් වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ මුලිකත්වයෙන් නොවැම්බර් මස 4 සහ 5 යන දිනයන්හි මුල්ලියාවේලි විද්‍යානන්ද විද්‍යාලයේ දී සහ.....
16th November 2017 09:22:38 පැය
ස්වාධීන රූපවාහිනී සේවය (ITN) සම්බන්ධිකරණයෙන් වවුනියාව, වෙහෙරතැන්න රොෂාන් මහානාම ප්‍රථමික විද්‍යාලයේ සිසුන් වෙත පාසල් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (02) දින පවත්වනු ලැබීය.
14th November 2017 10:05:46 පැය
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ රාජකාරි නියුතු භට පිරිස් විසින් තවත් ප්‍රජා සත්කාරයක් ලෙස හේමාස් ලංකා පුද්ගලික සමාගමේ (Hemas Lanka PLC) මුල්‍ය දායකත්වයෙන් සඳුදා (30) දින වවුනියාව සැළලිහිණිගම නව පෙරවිය ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකොට ප්‍රජා අයිතියට පත් කරන ලදි.
14th November 2017 09:55:37 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ භට පිරිස් ‘බදුල්ල රොටරි සමාජය’ සමඟ සහයෝගයෙන් නොවැම්බර් මස 3 සිට 5 දින දක්වා බදුල්ල නගර මධ්‍යයේ ‘පැරණි ලන්දේසි කොටුවේ’ දී වෛද්‍ය සායනයක් පවත්වනු ලැබීය.
14th November 2017 09:51:12 පැය
ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ භට පිරිස් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ මඟපෙන්වීමෙන් ලේ දන්දිමේ වැඩසටහනක් පවත්වන ලදී.
08th November 2017 08:52:04 පැය
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථානගත 683 වන බලසේනාවේ සංකල්පයක් අනුව එම බලසේනාධිපති කර්නල් ඩී. පී. ජයසිංහගේ උපදෙස් අනුව බ්‍රහස්පතින්දා (17) දින මුලතිව් දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් අතරින් තෝරාගත් පෙර පාසල් දරුවන් 100 දෙනෙකුට පාසැල් පොත්, පාසල් බෑග් සහ පාසල් උපකරණ සුගන්දිපුරම් පෙර පාසලේ දී සහ වල්ලුවාර්පුරම් ජිව ජෝති පෙරපාසලේ දී බෙදාදෙන ලදී.
08th November 2017 08:38:02 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සෙබලියන් විසින් භාරතිපුරම්හි රාමක්රිෂ්ණම් ප්‍රාථමික විද්‍යාලයේ තෝරාගත් අඩුආදායම්ලාභී පවුල්වල සිසුන් 87 දෙනෙකු වෙත රු 62,600 ක් වටිනා පාවහන් සහ මේස් තොගයක් පරිත්‍යාග කරන ලදි.
08th November 2017 08:28:41 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භට පිරිස් විසින් තලගල භාවනා විහාරස්ථානයේ ‘සිද්ධාර්ථ පදනමේ’ මූල්‍යමය දායකත්වයෙන් පුල්මුඩෙයි, විරුජයපුර ග්‍රාමයේ පදිංචි දිළිඳු පවුලක් සඳහා නිවසක් ඉදිකර සිකුරාදා (20) දින චාම් උත්සවයකදී එම පවුලේ අයවළුන් සඳහා භාරදෙන ලදි.
05th November 2017 17:59:35 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ කාර්යාලය විසින් 68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව වව්නියාව ජාතික රෝහල් පරිශ්‍රයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සහ......
05th November 2017 17:56:53 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් වැලිකන්ද, ලුම්බිණි ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් වෙත පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමේ උත්සවයක් සංවිධානය කරනු ලැබීය. දකුණු තලන්ගම 306 සී 1 සිංහ සමාජය විසින් රුපියල් 30,000.00 ක වටිනාකමින් යුත් පාසල් පොත්,.....