Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

වන්නි භට පිරිස් වෙතින් ලේ දන්දීමේ වැඩසටහනක්

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ කාර්යාලය විසින් 68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව වව්නියාව ජාතික රෝහල් පරිශ්‍රයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සහ රෝහල් බලධාරීන්ගේ සම්බන්ධිකරණයෙන් සිකුරාදා (20) දින පැවැත් වූ මෙම ලේ දන්දිමේ කඳවුර සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් 100 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

වව්නියාව ප්‍රදේශයේ රෝගීන් වෙනුවෙන් යුද්ධ හමුදාව සිදු කළ මෙම ප්‍රජා සත්කාරය රෝහල් ලේ බැංකුවේ වෛද්‍ය කණ්ඩායම ඇගයිමට ලක් කල අතර, ඔවුන්ගේ ස්තුතියද පුද කළහ.

Running sport media | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov