ජාතික ශූරතා මුෂ්ටි ප්‍රහාර ශූරතාවලිය 2025 හි ජයග්‍රහණය යුද්ධ හමුදාවට

ජාතික ශූරතා මුෂ්ටි ප්‍රහාර ශූරතාවලිය 2025, හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී 2026 ජනවාරි මස 26 දින සිට 30 දින පැවැත්විණි.

දීප ව්‍යප්තව සිටින ප්‍රමුඛ පෙළේ මුෂ්ටි ප්‍රහාර කණ්ඩායම් මෙම තරඟාවලියට සහභාගී වූ අතර, යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාර කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර RWP RSP ndu psc ගේ මඟ පෙන්වීම යටතේ තරඟ වැදුණු යුද්ධ හමුදා කණ්ඩායම සමස්ත ශූරතාවය හිමිකර ගත්හ.

එමෙන්ම, වසරේ දක්‍ෂතම මුෂ්ටි ප්‍රහාර කණ්ඩායමට හිමි මුත්තයියා සේවියර් රෝස් අනුස්මරණ කුසලානය සහ තරඟාවලියේ ශූරයා සඳහා වන සැරයන් සෙල්වදොරෙයි අනුස්මරණ කුසලානය දිනා ගත් අතර, යුද්ධ හමුදා රතු කණ්ඩායම අනුශූරතාවය හිමිකර ගත්තේය.

යුද්ධ හමුදා පිරිමි මුෂ්ටි ප්‍රහාර කණ්ඩායම රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 9 ක් හිමිකර ගත් අතර, යුද්ධ හමුදා කාන්තා මුෂ්ටි ප්‍රහාර කණ්ඩායම රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් සමඟින් ශූරතා කුසලානය දිනා ගත්තේය. මෙම ශූරතාවලියෙහි දක්‍ෂතම මුෂ්ටි ප්‍රහාර ක්‍රීඩකයාට හිමි කුසලානය විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් පී.ඒ.ආර් ප්‍රසන්න විසින් හිමිකර ගන්නා ලදී.