ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය වෙනුවෙන් සෙසු නිළයන් 9,158 දෙනෙකුට උසස්වීම් පිරිනැමේ

2026 පෙබරවාරි මස 04 දිනට යෙදෙන ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවන්හි සෙසු නිළයන් 9158 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිළයන් දක්වා උසස් කිරීමට පියවර ගෙන ඇත.

නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවන්හි සේවයේ නියුතු සෙසු නිළයන් බළලත් නිලධාරී II නිළයේ සිට බළලත් නිලධාරී I නිළය දක්වා 260 දෙනෙකු ද, මාණ්ඩලික සැරයන් නිළයේ සිට බළලත් නිලධාරී II දක්වා 1211 දෙනෙකු ද, සැරයන් නිළයේ සිට මාණ්ඩලික සැරයන් දක්වා 1704 දෙනෙකු ද, කෝප්‍රල් නිළයේ සිට සැරයන් දක්වා 2339 දෙනෙකු ද, ලාන්ස් කෝප්‍රල් නිළයේ සිට කෝප්‍රල් දක්වා 2204 දෙනෙකු ද සහ සාමාන්‍ය සෙබළ නිළයේ සිට ලාන්ස් කෝප්‍රල් දක්වා 1440 දෙනෙකු උසස්වීම් සිදු කරන ලදී.