31st January 2026
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලිය පනාගොඩ, රග්බි ක්‍රීඩාංගණයේදී 2026 ජනවාරි මස 31 වන දින පවත්වනු ලැබීය.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.
එම අවස්ථාවට පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc, අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල සහ යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ නවරත්න RWP RSP ndu සහ යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර් කන්නන්ගර RSP ndc, විසින් පිළිගන්නා ලදී.
තරඟාවලිය සඳහා රෙජිමේන්තු මට්ටමින් පාපන්දු කණ්ඩායම් 17 ක් තරඟ වැදුණු අතර, අනතුරුව, යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායම අතර අවසන් තරඟය පැවැත්විණි.
තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායමත් අනුශූරතාවය යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා කණ්ඩායමත් විසින් දිනා ගන්නා ලදී.
ඉන්පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් හොඳම ගෝල රකින්නා වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් සී.ඩී.අයි. ප්‍රනාන්දු, වැඩිම ගෝල ලබා ගත් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එන්.එම්. අෆ්ලාල් සහ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සාමාන්‍ය සෙබල ඒ.ටී.සී ෆයාස් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.