උණුසුම් පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආපදා සහන සේවා කණ්ඩායම් ප්‍රධානී ආචාර්ය හමූද් සයීඩ් හරෙබ් අල් අෆාරිගේ නායකත්වයෙන් යුත් 74 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම විසින් සිදුකරන ලද මානුෂීය සත්කාර සේවය අගයමින් මෙරටට පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආපදා සහන සේවා කණ්ඩායම ඇගයීමට ලක්කිරීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 15 වන දින මීගමුව හෙරිටන්ස් හෝටලයේදී පවත්වන ලදී.


මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ලැබූ මේජර් ජෙනරල් ජී.ඩී.ජේ.සී ප්‍රේමතිලක USP ndc psc, මේජර් ජෙනරල් කේ.ජී.එම්.එන් සෙනෙවිරත්න USP, මේජර් ජෙනරල් කේ.එම්.ජී බණ්ඩාරනායක USP ndc psc සහ මේජර් ජෙනරල් කේ.ජී.යූ.ටී ජයසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 15 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතයන් පිරිනමා සිය සුභ පැතුම් පිරිනමන ලදී.


දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට ඇතිවූ ආපදා තත්ත්වයන්ට සහන සේවා වෛද්‍ය ආධාර ලබාදීම සඳහා ඉන්දීය හමුදාවේ 60 පැරෂුට් ක්ෂේත්‍ර රෝහල විසින් සපයන ලද මානුෂීය සත්කාර සහ වෘත්තීය විශිෂ්ටත්වය අඟයමින් මෙරටට පැමිණි එම ඉන්දීය කණ්ඩායම ඇඟයීමට ලක්කිරීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් 14 වන දින පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේදී පවත්වන ලදී.


යුද්ධ හමුදා භටපිරිස්හි සහාය ඇතිව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයේ සිදුකරනු ලබන ජාතිය ගොඩනැගීමේ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 දෙසැම්බර් මස 13 සහ 14 යන දිනයන්හිදී එම බලප්‍රදේශයේ නිල සංචාරයක නිරත විය.


වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්‍ෂක සේනා නියෝජ්‍ය ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.කේ.ආර් ජයකොඩි RWP USP, 2025 දෙසැම්බර් මස 12 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.


මාණ්ඩලික නිලධාරී භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 11 හි උපාධි ප්‍රධානෝත්සවය 2025 දෙසැම්බර් මස 11 දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී වූ අතර භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.ටී ලොකුතොටහේවා USP psc, විසින් එතුමන්ව පිළිගනු ලැබීය.


අඛණ්ඩව සිදුකරනු ලබන ආපදා සහන සේවා කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 දෙසැම්බර් මස 10 වන දින හලාවත ප්‍රදේශයේ නිල සංචාරයක නිරත විය.


හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත "The Army Commander’s Promise to the Nation - I Shall Not Leave This War Behind to the Next Army Commander" නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ 2025 දෙසැම්බර් මස 9 සවස කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 09 දින ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 19 හි ශිෂ්‍ය නිලධාරීන් සඳහා සම්ප්‍රදායික දේශනය පවත්වන ලදී.


වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී කුරේ RWP RSP USP ndc psc 2025 දෙසැම්බර් මස 08 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.