ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලිය - 2025 සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය 2025 අගෝස්තු මස 27 දින එම බලසේනා රෙන්ඩෙස්වස් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc සහභාගි විය.

2025 අගෝස්තු මස 21 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථාන ක්‍රීඩා පිටියෙන් ආරම්භ වූ මෙම තරඟාවලිය සඳහා විවිධ ආරක්‍ෂක සේනා මූලස්ථාන නියෝජනය කරමින් කණ්ඩායම් දහයක් සහභාගි වූහ.

අවසන් තරඟයේදී, 5 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම පන්දු ඕවර දහය අවසානයේදී කඩුළු 8 කට ලකුණු106 ක් ලබාගත් අතර, අනතුරුව පිටියට පැමිණි 17 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම විසින් පන්දු ඕවර 9 කදී කඩුළු 4 කට ලකුණු 107 ක් ලබා ගනිමින් ශූරතාවය හිමිකර ගන්නා ලදී. 5 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම වෙත අනුශූරතාවය හිමිවූ අතර, ජයග්‍රාහකයන් වෙත සේනාවිධායක විසින් කුසලාන ප්‍රදානය කරන ලදී.

විශේෂ සම්මාන ලැබූ ක්‍රීඩකයින්:

• තරඟයේ වීරයා - කෝප්‍රල් ඩී.අයි ලක්‍ෂිත, 17 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව

• තරඟාවලියේ වීරයා - සැරයන් කේ.පී.ජී.අයි.යූ.කේ. ජයලත්, 5 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.