29th August 2025
යක්කල රණවිරු ඇපරල් ආයතනයේ කළමනාකරණ මණ්ඩල රැස්වීම 2025 අගෝස්තු මස 26 දින යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා පැමිණි යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, යක්කල රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ඒ.ඩී.ජේ.ඩී ගුණතිලක RSP USP සහ කළමණාකරන මණ්ඩලයේ සාමාජිකයන් විසින් පිළිගන්නා ලදී.
එහීදී පැවති සාකච්ඡාව අතරතුරදී, සේනාවිධායක විසින් එම ආයතනය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් සිදුකළ අතර කළමණාකරණ මණ්ඩල සාමාජිකයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එම ආයතනය තුළ සිදුකළ යුතු අනාගත සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡා කළහ. ඉන් අනතුරුව, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ කළමණාකරන මණ්ඩල සාමාජිකයන් නිෂ්පාදන අංශයන්හි නිරීක්‍ෂණ සංචාරයක නිරතවෙමින් ඵලදායිතාවය සහ කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ද ලබාදුන්හ.
මෙම වැඩසටහනට සමාගාමීව, කොළඹ යුද්ධ හමුදා රෝහල සමඟ ඒකාබද්ධව යක්කල රණවිරු ඇපරල් ආයතනය තුළ වෛද්‍ය කඳවුරක් පවත්වනු ලැබූ අතර, එහිදී යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් බාහිර රෝගී සායන, දන්ත, අක්‍ෂි, චර්ම රෝග, විකලාංග සහ අනෙකුත් විශේෂිත සායන සේවාවන් සපයනු ලැබීය. එසේම, මෙම සංචාරයේදී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සෙසුනිලයන් වෙනුවෙන් නව නවාතැන් පහසුකම් සංකීර්ණයක් වෙනුවෙන් මුල්ගල තබනු ලැබීය.