ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේජර් ජෙනරල් පවන්පාල් සිං VSM SDS (යුද්ධ හමුදාව-II), 2025 සැප්තැම්බර් මස 01 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.