‘BestWeb.lk -2025’ තරඟාවලියෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සම්මාන ද්විත්වයක්

‘LK Domain Registry’ ආයතනය විසින් සංවිධානය කරන ලද ‘BestWeb.lk -2025’ තරඟයෙන් ‘වඩාත් ජනප්‍රිය වෙබ් අඩවිය’ ට හිමි සම්මානය සහ රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවියට හිමි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ www.army.lk නිල වෙබ් අඩවිය හිමිකරගන්නා ලදී.

මෙම තරඟයේ රාජ්‍ය අංශයේ තරඟ ඛණ්ඩය සඳහා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධීක්‍ෂණයට යටත් වන රජයේ අමාත්‍යාංශ, ත්‍රිවිධ හමුදාව, සංස්ථා සහ රාජ්‍ය ආයතන ඇතුළු සියලුම ආයතනවල වෙබ් අඩවි ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව, යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පරිපාලනය යටතේ මෙන්ම යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ තාක්‍ෂණික අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය මෙම තරඟය සඳහා සහභාගී විය.