12th September 2025
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 සැප්තැම්බර් මස 10 දින කොළඹ, යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක නිරත විය.
රෝහල් පරිශ්‍රය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව එම රෝහලේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩී.කේ.එස්.එස් දොඩන්ගොඩ RSP USP ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පිළිගන්නා ලදී.
මෙම සංචාරයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් රෝහලේ වාට්ටු කිහිපයක නිරීක්ෂණ සංචාරයක නිරත වෙමින් එහි ප්‍රතිකාර ලබන රෝගීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව සොයා බැලූ අතර, දැඩි සත්කාර ඒකකය, බාහිර රෝගී අංශය සහ සුභසාධන ආපන ශාලාව ද නිරීක්ෂණ කර ඒවායේ පහසුකම් සහ සේවා පිළිබඳව ද සොයා බැලීය.