5th September 2025
රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සංවිධානය කරනු ලැබූ කලා හා සාහිත්‍ය තරඟාවලියේ සහතිකපත් ප්‍රදානෝත්සවය 2025 සැප්තැම්බර් මස 04 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය සහභාගි විය.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ලෙස යුද්ධ හමුදා සුවතා නිකේතනයන්හි ප්‍රථිකාර ලබන රණවිරුවන්, යුද ප්‍රවීණයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ දුවා දරුවන් වෙනුවෙන් මෙම තරඟාවලිය පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා සහභාගි වූවන්ගේ දක්‍ෂතා හඳුනාගැනීම, කලාත්මක හැකියාවන් ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ගේ ආත්ම විශ්වාසය ගොඩනැංවීමේ අරමුණින් රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් මෙම තරඟාවලිය පැවැත්වීය.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජේදාස WWV RSP USP ndc psc විසින් පිළිගැනීමේ කතාව සිදුකරන ලදී.
අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් එම තරඟයේ ජයග්‍රාහකයින් 47 දෙනෙකු වෙනුවෙන් පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී. උත්සවය අතරතුරදී, සාම්ප්‍රදායික නර්තන අංග කිහිපයක් ද ඉදිරිපත් කෙරිණි.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ස්තුති කථාව පැවැත්වීමෙන් අනතුරුව සුහඳ තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් පිරිසක් ද සහභාගි වූහ.