රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන සාමාජිකයන් සඳහා එක් දින වැඩසටහනක්

රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් 2025 සැප්තැම්බර් මස 09 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘යුද්ධ හමුදා සේවයෙන් ඔබ්බට ජිවිතයක් සඳහා සෙසුනිලයන් බලගැන්වීම’ යන මැයෙන් එක්දින වැඩසටහනක් පවත්වන ලදී.

ඒ අනුව, මෙම වැඩසටහන යටතේ නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා විශ්‍රාම වැටුප් කළමනාකරණය, මුදල් ඉතිරි කිරීම, නව ආයෝජන අවස්ථා, ව්‍යවසායකත්වය සහ විශ්‍රාම දිවිය තුළදී මුහුණු දීමට සිදුවන සමාජීය හා මානසික අභියෝග ආදී මාතෘකා පිළිබඳව හසල දැනුමක් ඇති ආරාධිත දේශකයින් විසින් දේශන පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, සහභාගි විය.

දේශන අවසානයේදී සහභාගි වූවන් සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් සහතිකපත්‍ර ප්‍රදානය කරන ලදී. උත්සවය අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සභාව අමතමින් විශ්‍රාමික ජීවිතය සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.