2025-10-21

යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය අර්ධද්වීපයේ නිල සංචාරයක

මෙහෙයුම් සූදානම මෙන්ම පරිපාලන හා සැපයුම් සූදානම පරීක්ෂා කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 ඔක්තෝබර් මස 18 දින සිට 20 දින දක්වා යාපනය අර්ධද්වීපයේ දෙදින නිල සංචාරයක නිරත විය.

මෙහෙයුම් සූදානම මෙන්ම පරිපාලන හා සැපයුම් සූදානම පරීක්ෂා කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 ඔක්තෝබර් මස 18 දින සිට 20 දින දක්වා යාපනය අර්ධද්වීපයේ දෙදින නිල සංචාරයක නිරත විය..

ඉන්පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් වාසවිලාන් ප්‍රදේශයේ නවතමයෙන් ඉදිකරන ලද චරිත සංවර්ධන මධ්‍යස්ථානය (CDC), පලාලි යුද්ධ හමුදා මූලික රෝහල සහ චුල්ලිපුරම් ඇමරිකානු මිෂනාරි දමිළ මිශ්‍ර පාසල වෙතද සංචාරයක නිරත විය. ඉන් අනතුරුව, එතුමන් 11 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මෙන්ම 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සහ 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ද නිරීක්‍ෂන සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුරදී ශ්‍රී නාග විහාරස්ථානයේ සංචාරයක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. අනතුරුව, යාපනය රදගුරු මන්දිරය වෙත ගොස් ආචාර්ය ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් රදගුරුතුමන් ද හමුවිය.

සංචාරයේ දෙවන දිනයේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් 9 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මෙන්ම 11 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 521 පාබල බලසේනාවේද නිරීක්‍ෂන සංචාරයක නිරත විය.