2025-10-10
76 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමාගේ පණිවිඩය
ජාතිය සුරැකීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වෘත්තීමය වශයෙන් සහ කඩිසරව කටයුතු කළයුතු බව මෙන්ම සංහිඳියාව ශක්තිමත් කිරීමට සහ රටේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික වටිනාකම් ආරක්‍ෂා කිරීමට සක්‍රීයව දායකවියයුතු බවත් යුද්ධ හමුදාධිපතිතුමන් තම 76 වන යුද්ධ හමුදා දින පණිවිඩයෙන් ප්‍රකාශ කරයි.
යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කළ සම්පූර්ණ යුද්ධ හමුදා දින පණිවිඩය පහතින් දැක්වේ.
