16th October 2025
නුදුරේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වීමට නියමිත වන අතර, මෙම ශූරතාවලිය 2025 ඔක්තෝබර් මස 24, 25 යන දෙදින තුළ ඉන්දියාවේ, රාංචිහිදී පැවැත්වේ.
ඒ අනුව, එම ජාතික කණ්ඩායම නියෝජනය කරමින් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිස් පස් දෙනෙකු සහභාගිවීමට නියමිතය.