11th October 2025
කඹුරුපිටිය, අභිමංසල II සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබල ආර්.ඩබ්ලිව්.වී පියතිස්ස විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා 76 වන සංවත්සරය නිමිත්තෙන් සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටුවන ලදී.
මෙම ලෝක වාර්ථාව මඟින් රණක්‍ෂිතයට පත්ව දෘශ්‍යාබාධිතව සිටින එම සෙබළාගේ අභියෝගවලට මුහණ දීමේ ධෛර්යය සහ අධිෂ්ඨානය පෙන්නුම් කරයි.
2025 ඔක්තෝබර් මස 09 දින සීනිගමින් ආරම්භ කල පා ගමන ඔක්තෝබර් මස 10 දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලින් අවසන් කළ අතර, ඒ සඳහා පැය 18 යි මිනිත්තු 51 යි තත්පර 12 ක කාලයක් ගත විය.
පාගමන අවසානයේදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් රණවිරු ආර්.ඩබ්ලිව්.වී පියතිස්ස උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
මෙම උත්සවය, යුද්ධ හමුදාවේ 76 වැනි සංවත්සර සැමරුමට සමගාමීව පවත්වන ලද අතර සෙරෙන්ඩිබ් ලෝක වාර්තා (පුද්ගලික) සමාගමේ සභාපති වන වෛද්‍යය ලාල් ඒකනායක මහතා විසින් මෙම වාර්ථාව සනාථ කරන ලදී.මෙම වාර්ථාව ඔහු විසින් සනාථ කරන ලද 8 වැනි සෙරෙන්ඩිබ් ලෝක වාර්තාව වෙයි.