76 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උසස්වීම් ප්‍රදානය කෙරේ

2025 ඔක්තෝබර් මස 10 දින පැවති 76 වන හමුදා දින සැමරුමට සමගාමීව, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) සහ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ නිර්දේශ මත, සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතියට සිදු කළ සේවය අගයමින්, ක්‍රියාන්විතයේදී තුවාල ලැබූ බ්‍රිගේඩියර්වරුන් පස් දෙනෙකු මේජර් ජෙනරල් නිලයට උසස් කරන ලදී.

මේ අනුව මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජේදාස WWV RSP USP ndc psc, මේජර් ජෙනරල් ඊ.එන් කුරුකුලසූරිය RWP RSP psc , මේජර් ජෙනරල් එම්.ඒ.ඩී.ජේ.ඩී ගුණතිලක ආර්එස්පී RSP USP, මේජර් ජෙනරල් කේ.ඒ.ඩී.එස්.කේ ධර්මසේන RWP සහ මේජර් ජෙනරල් සී.එස් තිබ්බොටුගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නවතමයෙන් මේජර් ජෙනරල් නිලයට උසස් වීම් ලැබීය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී 2025 ඔක්තෝබර් මස 12 දින යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නව උසස්වීම් ලැබූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට නිල වශයෙන් ලාංඡන ප්‍රදානය කිරීම සහ මේජර් ජෙනරල් නිලයට හිමි අසිපත ප්‍රදානය කිරීම සිදුකිරීමෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.