27th November 2025
ඵලදායිතාවය සහ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ පාඨමාලාවේ සහතිකපත්‍ර ප්රදානෝත්සවය 2025 නොවැම්බර් මස 25 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළ සේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ. ඩබ්ලිව්. එන්. පී ප්‍රේමරත්න RSP USP NPS psc ගේ ප්‍රධානත්වයෙන් එම බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ ඵලදායිතාවය ඉහල නැංවීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළ සේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ. ඩබ්ලිව්. එන්. පී ප්‍රේමරත්න RSP USP NPS psc ගේ මඟපෙන්වීම හා අධීක්ෂණය යටතේ මෙම මූලස්ථානය තුළ 5S සංකල්පය ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලදී.
ඒ අනුව, නිලධාරින්ගේ සහ සෙසුනිලයන්ගේ කුසලතා සහ ආකල්ප වැඩි දියුණු කිරීම සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සහාය ඇතිව 2025 ඔක්තෝබර් මස 27 දින සිට 31 දින දක්වා ඵලදායිතාවය සහ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම පිළිබඳ දින පහක පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩසටහන මඟින් 5S සංකල්පය, හරිත ඵලදායිතාව, උපායමාර්ගික කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම වැනි ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරන ලදී.
මෙම පාඨමාලාව යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සහ එම බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන්හි නිලධාරින් 10 දෙනෙකුගේ සහ සෙසුනිලයන් 114 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රධාන උත්සවය සඳහා සහභාගීවූ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ එස්. ජයකොඩි මහතා සහ ජ්‍යෙෂ්ඨ උපදේශක ඵලදායිතා නිලධාරි සුගත් දිසානායක මහතා විසින් ඵලදායිතාව වැඩිදියුණු කිරීම පිළිබඳ හරවත් දේශනයක් සිදු කරන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක්ද සහභාගී වූහ.