පවතින අයහපත් කාලගුණය මධ්‍යයේ සහන සේවා කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් උපදෙස් ලබා දෙයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් 2025 නොවැම්බර් මස 27 වන දින පැවති අතර, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රාජ්‍ය නිලධාරින් සමඟ සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ඉදිරියටත් අඛණ්ඩව සහන සේවා මෙහෙයුම් සඳහා සහාය වීමට අවශ්‍ය උපදෙස් යුද්ධ හමුදා ප්‍රධානීන් වෙත ලබාදෙන ලදී.

මෙම සාකච්ඡාව සඳහා ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ මණ්ඩල වල අධ්‍යක්‍ෂවරුන් සහභාගි වූ අතර, එසේම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් සහ සේනාංකාධිපතිවරුන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවට සහභාගී වූහ.