ඉන්දීය හමුදාව සහ ශ්‍රී ලංකා හමුදාව අතර 11 වන වරටත් යුද්ධ හමුදා සේවා මාණ්ඩලික සාකච්ඡාව පවත්වයි

ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර 11 වරටත් පැවති යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව 2025 නොවැම්බර් මස 18 දින සිට 20 දින දක්වා ඉන්දියාවේ ගයා හි නිලධාරි පුහුණු විද්‍යාපීඨයේ දී සාර්ථකව පැවති අතර, එමඟින් දෙරට අතර දිගුකාලීන හමුදා සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් විය.

ඉන්දිය යුද්ධ හමුදවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ජාත්‍යන්තර සහයෝගිතා මේජර් ජෙනරල් ආකාෂ් ජොහාර් AVSM සහ ශ්‍රිලංකා යුද්ධ හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc විසින් සම සභාපතිත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පර්යේෂණ සංකල්ප හා මූලධර්ම මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජේරත්න RWP RSP nps psc, අධ්‍යක්‍ෂ තොරතුරු තාක්‍ෂණ බ්‍රිගේඩියර් එස්.ජේ.කේ.ඩී ජයවර්ධන USP psc, අධ්‍යක්ෂ සැලසුම් බ්‍රිගේඩියර් ඒ.කේ. පීරිස් RSP, අධ්‍යක්ෂ පුහුණු බ්‍රිගේඩියර් බී.ඒ.ඩී.ආර්.ඒ.සී විජේසේකර RSP cts-ndu USACGS සහ කර්නල් ඉදිරි දර්ශන හා සැලසුම් කිරීමේ අංශය කර්නල් යූ.එන්.ජී. කරුණාරත්න RSP psc සහභාගී වූ අතර, ඉන්දිය යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් හත්දෙනෙකු සහභාගීවූහ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ගැඹුරු ඓතිහාසික, සංස්කෘතික, අධ්‍යාත්මික සහ පොදු බෞද්ධ උරුමය පිළිබිඹු කෙරෙණ බුද්ධගයාවේදී මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවති අතර, එහිදී පවතින හමුදා රාජ්‍ය තාන්ත්‍රිකත්වය, සංස්කෘතික සබඳතා සහ ආරක්ෂක හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමට, අඛණ්ඩ සහයෝගීතාව සමාලෝචනය කිරීමට සහ නව සහයෝගීතා මාර්ග හඳුනා ගැනීමට අවශ්‍ය ඒකාබද්ධ පුහුණු වීම් සහ යුද අභ්‍යාස මෙන්ම ඒවායේ ධාරිතාවන් වැඩි කිරීමට මෙන්ම මූලෝපායික මට්ටමේ සම්බන්ධීකරණය ඇතුළු කරණු පිළිබඳව සාකච්ඡා කෙරෙණි.

මෙම සාකච්ඡා අවසානයේ, ද්විපාර්ශ්වික හමුදා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙරටේ හමුදා නායකයන් විසින් ගනු ලැබූ එකගතාවයන් සඳහා සම සභාපතිවරුන් දෙදෙනා විසින් අත්සන් තබන ලදී. එසේම 2026 වර්ශයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 12 වැනි යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාවට සහභාගීවිම සඳහා ඉන්දීය යුද්ධ හමුදාවට නිල වශයෙන් ආරාධනා කරන ලදී.

මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ධූත පිරිස දෙරට අතර පවතින අධ්‍යාත්මික හා ශිෂ්ටාචාර උරුමයන් තවදුරටත් ශක්තිමත් කරමින් පූජනීය මහාබෝධි විහාරය, අඩි 80 වේ බුද්ධ ප්‍රතිමාව සහ බිහාර් කෞතුකාගාරය ඇතුළු බුද්ධගයාවේ විශේෂ ස්ථාන නැරඹීමට එක්වූහ.