27th November 2025
ඉන්දියානු සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර පවතින සංස්කෘතික හුවමාරු වැඩසටහනේ කොටසක් ලෙස ඉන්දීය ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් 120 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් 2025 නොවැම්බර් මස 26 වන දින මෙරටට පැමිණියහ. 2025 නොවැම්බර් මස 27 සහ 28 යන දිනයන්හිදී මෙරටට සංචාරයේ නිරත වන එම නියෝජිත පිරිසෙහි මෙරට දෙදින සංචාරය මඟින් දෙරටෙහි හමුදා සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම, සංස්කෘතික අවබෝධය වැඩිදියුණු කිරීම සහ දිගුකාලීන සබඳතා ශක්තිමත් කිරීම මූලික අරමුණ විය.
ඉන්දීය හමුදාවේ කර්නල් රංගරාජන් රාඝවන්ගේ ප්‍රධානත්වයෙන් යුත් එම නියෝජිත පිරිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී යුද්ධ හමුදා සුභසාධන අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජී.සී.වී ප්‍රනාන්දු ndc විසින් පිළිගනු ලැබීය.
එම නියෝජිත පිරිස මධ්‍යම පළාතේ ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිත අතර, එහිදී ඔවුන්ට ශ්‍රී ලංකාවේ උරුමය, සම්ප්‍රදායන් සහ සෞන්දර්යය පිළිබඳ මනා අවබෝධයක් ලබා දීමට නියමිතය.
මෙම සංචාරයට සමගාමීව, මෙරට ත්‍රිවිධ හමුදාවේ 120 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් ද එවැනිම ඓතිහාසික හා පූජනීය ස්ථාන නැරඹීම සඳහා දෙදින සංස්කෘතික සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර, ඔවුන් එහිදී අග්‍රා සහ ගයා හි සංචාරය කිරීමට නියමිතය.