යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 ජනවාරි මස 22 වන දින පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වුණු විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 78 හි අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩමුළුව සඳහා සහභාගී විය. මෙම පාඨමාලාව භටපිරිස්හි දරාගැනීම, උපායමාර්ගික චින්තනය සහ කුඩා කණ්ඩායම් මෙහෙයුම් හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇත.