උණුසුම් පුවත්

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.වී. ප්‍රනාන්දු USP ndc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 අප්‍රේල් මස 29 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndupsc IG හමුවිය.


රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “විරු සිසු ප්‍රදීප” ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය 2026 අප්‍රේල් මස 29 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. එහිදී 2023 සහ 2024 වසරවල පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ රණවිරු දූ දරුවන් ඇගයීමට ලක් කෙරිණි.


ශ්‍රී ලංකාවේ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස්, මේජර් ජෙනරල් නයියාර් නසීර් (විශ්‍රාමික) HI (M) 2026 අප්‍රේල් මස 29 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


අත්තිඩිය, මිහිඳු සෙත් මැදුරේ නේවාසික රණවිරුවන්ගේ අලුත් අවුරුදු උත්සවය 2026 අප්‍රේල් මස 28 දින ඉතා උත්කර්ෂවත් හා උත්සවශ්‍රීයෙන් යුත් වාතාවරණයක් මධ්‍යයේ සමරන ලදී.


මේජර් ජෙනරල් කේ.ඩි.යූ. කරුණාරත්න RSP USP, වසර 33 කට අධික කීර්තිමත් හමුදා සේවයකින් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට පෙර, 2026 අප්‍රේල් මස 27 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සිය කාර්යාලයවෙත ආරාධනා කරන ලදී.


Shake Hand අභ්‍යාසයේ දෙවන අදියර 2026 අප්‍රේල් මස 26 දින සිට මැයි මස 10 දින දක්වා පාකිස්ථානයේ තර්බෙලා හි පිහිටි විශේෂ මෙහෙයුම් පාසලේදී පැවැත්වීමට නියමිතය. මෙම අභ්‍යාසයේ අරමුණ වන්නේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීම හා වර්ධනය කිරීමයි.


ලුතිනන් ජෙනරල් ග්ලෙබ් වී. එරමින්ගේ නායකත්වයෙන් යුත් රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ බලකා යුද්ධ හමුදා ගුවන් ආරක්‍ෂක විද්‍යාපීඨයේ නියෝජිත පිරිසක් 2026 අප්‍රේල් මස 23 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndupsc IG හමුවිය.


වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන USAWC psc ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 අප්‍රේල් මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


2026 අප්‍රේල් මස 19 දින ජපානයේ කසුමිගවුරා හි පැවැති දෘෂ්‍යාබාධිත මැරතන් තරගයෙන් 12 වන ස්ථානය දිනාගත් ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබළ ආර්.ඩබ්ලිව්.වී. පියතිස්ස 2026 අප්‍රේල් මස 23 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ඇගයීමට ලක්විය.


ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 138 වන සංවත්සරය වෙනුවෙන් රට වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ රණවිරුවන් වෙත උපහාර දැක්වීමේ උත්සවයක් 2026 අප්‍රේල් මස 20 වන දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.