විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

මේජර් ජෙනරල් කේ.ඩි.යූ. කරුණාරත්න RSP USP, වසර 33 කට අධික කීර්තිමත් හමුදා සේවයකින් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට පෙර, 2026 අප්‍රේල් මස 27 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සිය කාර්යාලයවෙත ආරාධනා කරන ලදී.

1993 ජනවාරි මස 04 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 39 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් කේ.ඩි.යූ. කරුණාරත්න RSP USP ජ්‍යෙෂ්ඨ නිලධාරි දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1994 අප්‍රේල් මස 09 දින විජයබාහු පාබල රෙජිමේන්තුව සහ පසුව විශේෂ බලකා රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026 මාර්තු මස 22 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2026 මැයි මස 02 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගැනීමට නියමිත මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයේ සේනාවිධායක ලෙස කටයුතු කරනු ලබයි.

විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී, 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ‘ඊ’ බලඝණයේ ඛණ්ඩ භාර නිලධාරී, විශේෂ බලකා රෙජිමේන්තු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරි නිවස්න කළමනාකරු ,විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ ආධුනික බඳවා ගැනීමේ අංශයේ නිලධාරි අණදෙන, විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ නිලධාරි අණදෙන (පාලන),විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ දෙවන අණදෙන නිලධාරි, යහසාධක අධ්‍යක්ෂක මණ්ඩලයේ අංශ භාර නිලධාරි, විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි වැනි ධූරයන් හොබවන ලදී.

තවඳ, මිහිඳු සෙත් මැදුරේ ජ්‍යෙෂ්ඨ උපදේශක ,මිහිඳු සෙත් මැදුරේ නියෝජ්‍ය සේනාවිධායක, සේනාවිධායක අභිමන්සල 1 අනුරාධපුරය, සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයේ සේනාවිධායක වැනි ධූරයන් හොබවන ලදී.

ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කැපවීම සහ ආදර්ශමත් සේවය අගයමින්, තුන් වතාවක් රණ සූර පදක්කම (RSP) සහ උත්තම සේවා පදක්කම (USP) පිරිනමන ලදී. ක්‍රියාන්විත රාජකාරී කරමින් සිටියදී 1997 ජනවාරි මස 09 දින එල්ටීටීඊය විසින් සිදු කරන ලද පරන්තන් ප්‍රහාරයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුවාල ලැබීය. ඉන් පසු ඇති වූ අභියෝග මධ්‍යයේ වුවද, ඔහු නොසැලෙන කැපවීමකින් මවිබිට සේවය කරමින්, ඔහුගේ ක්‍රියාකාරී හමුදා ජීවිතය පුරාම රාජකාරියට ඇති කැපවීම නිරන්තරයෙන් පෙන්නුම් කළේය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශේෂ බලකා මූලික පාඨමාලාව, මූලික ප්‍රගුණ වෙඩිකරු පාඨමාලාව සහ ගුවන් සංග්‍රාමික පාඨමාලාව ඇතුළු දේශීය පාඨමාලා කිහිපයක් සාර්ථකව සම්පූර්ණ කර ඇත.

ඔහුගේ හමුදා සුදුසුකම් වලට අමතරව, ජ්‍යෙෂ්ඨ නිලධාරි IDM Computer Studies (Pvt) Limited හි පරිගණක අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමාවක්, IPM හි මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වෘත්තීය සුදුසුකමක්, IDM Computer Studies (Pvt) Limited හි පුද්ගලික පරිගණක එකලස් කිරීම, ජාලකරණය සහ පරිශීලක තාක්ෂණික සහාය පිළිබඳ ඩිප්ලෝමාව, මානව සම්පත් කළමනාකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක්, ශ්‍රී ලංකාවේ IPM හි මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාවක්, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පරිපාලකයින් සඳහා නීති සහතික පත්‍ර පාඨමාලාවක්, ශ්‍රී ලංකා පදනමේ උපදේශන ඩිප්ලෝමාවක් සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (ආරක්ෂක අධ්‍යයන) උපාධියක් ලබා ඇත.