යුද්ධ හමුදාධිපතිතුමන් මිහිඳු සෙත් මැදුරේ අලුත් අවුරුදු උත්සවයට සහභාගී වෙයි

අත්තිඩිය, මිහිඳු සෙත් මැදුරේ නේවාසික රණවිරුවන්ගේ අලුත් අවුරුදු උත්සවය 2026 අප්‍රේල් මස 28 දින ඉතා උත්කර්ෂවත් හා උත්සවශ්‍රීයෙන් යුත් වාතාවරණයක් මධ්‍යයේ සමරන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.එහි පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව මිහිඳු සෙත් මැදුරේ සේනාවිධායක බ්‍රිගේඩියර් පී.ඩී.එන්.අයි. අල්මේදා RSP විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමත් සමඟ නිල උත්සව කටයුතු ආරම්භ විය. ඉන් අනතුරුව, නේවාසිකව සිටින රණවිරුවන් සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා සඳහා සහභාගී වූහ.

මෙම වැඩසටහන, එහි සිටි සැමට ප්‍රීතිමත් මෙන්ම අමතක නොවන අත්දැකීමක් එක් කරමින් ප්‍රවීණ ගායන ශිල්පිනී සුජාතා අත්තනායක මහත්මියගේ ගායනයක්, අවුරුදු නැටුම් ඉදිරිපත් කිරීම් සහ නුගේගොඩ SAEGIS විශ්වවිද්‍යාලයේ Leo Club සිසුන් විසින් ඉදිරිපත් කරන ලද විනෝදජනක අවුරුදු නාට්‍යයක් මෙන්ම සංස්කෘතික ප්‍රංග, විනෝදාත්මක ක්‍රියාකාරකම් සහ උත්සව සම්ප්‍රදායන්ගෙන් සමන්විත විය.

වැඩසටහන අවසානයේදී, උත්සවය අතරතුර පවත්වන ලද විවිධ තරඟවල ජයග්‍රාහකයන් සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සහ සම්භාවනීය අමුත්තන් විසින් ත්‍යාග සහ කුසලාන පිරිනමන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද සහභාගී වූහ.