29th December 2025
පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් මඩුපාර සිංහල මහා විද්‍යාලයේ, කඩ්ඩියාදප්පන රෝමානු කතෝලික දමිළ මහා විද්‍යාලයේ, තම්පනේකුලම් රෝමානු කතෝලික දමිළ ප්‍රාථමික විද්‍යාලයේ සහ පන්නිවෙට්ටුවාන් රෝමානු කතෝලික දමිළ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් 115 දෙනෙකු සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 22 වන දින පවත්වන ලද අතර, එහිදී ගුරුවරුන් 25 දෙනෙකු වෙතද ත්‍යාග පාර්සල් ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී අබේකෝන් RWP RSP USP ndc සහභාගි විය.
ගාල්ල, අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයේ 2006 වසරේ උසස් පෙළ විභාගයෙන් ඉහළම දක්‍ෂතා දැක්වූ සිසුන් විසින් මෙම පරිත්‍යාගයන් සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලදී.