17th November 2025
නාරම්මල, දෙමටගහවෙල ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා රොෂාන් මහානාම පදනමේ සම්බන්ධීකරණයෙන් ඒ.බී. ඩීන් මහතාගේ මූල්‍යමය දායකත්වයෙන් සහ 571 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ හා 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් මෙම නව නිවසක් ඉදිකර ලබා දෙන ලදී.
නව නිවස භාරදීමේ උත්සවය 2025 නොවැම්බර් මස 13 වන දින රොෂාන් මහානාම පදනමේ නිර්මාතෘ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා සහ ඔහුගේ භාර්යාව, ඒ.බී ඩීන් මහතා සහ ඔහුගේ භාර්යාවගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට මේජර් ජෙනරල් කුමුදු පෙරේරා (විශ්‍රාමික), ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.