යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

543 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 22 වන දින මන්නාරම සංස්කෘතික ශාලාවේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන සිසුන් 142 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී අබේකෝන් RWP RSP USP ndc සහභාගි විය.

විශේෂඥ වෛද්‍ය ජිනාංජලී ශානිකා විජයගුණසේකර මහත්මිය සහ ඇයගේ දියණිය වන වෛද්‍ය තරුෂි දිල්හාරා පෙරේරා මෙනවිය විසින් එම පාසල් උපකරණ සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ළමුන් සහභාගී වූහ.