29th December 2025
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් සම්බන්ධිකරණයෙන් කළුකැලේ, විජය පරාක්‍රම කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 27 වන දින පවත්වන ලදී.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී.පී.පී කුලතිලක ndu සහභාගී විය.
මෙල්වා සමූහ (පුද්ගලික) සමාගමේ සහ වයිඩ් විෂන් සංවිධානයේ මූල්‍යමය දායකත්වය මත එම උපකරණ පරිත්‍යාගයන් සිදුකරන ලද අතර, එම අවස්ථාවට 12 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, පාසල් කාර්ය මණ්ඩලය සහ සිසුන් සහභාගි වූහ.