2nd January 2026
සමාජ සහජීවනය ශක්තිමත් කිරීම සහ මානුෂීය වටිනාකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, 51 පාබල සේනාංකය විසින් 2025 දෙසැම්බර් මස 25 දින නත්තල් දිනයේදී කෝපායි, ඉරුපාලෙයි හි පිහිටි මව් තෙරේසා වැඩිහිටි නිවාසයේදී විශේෂ දානමය පිංකමක් පවත්වන ලදී.
මෙම වැඩසටහන අතරතුරදී, එම වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් 40 දෙනෙකු වෙත දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීම හා ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ද බෙදා දෙන ලදී. මීට අමතරව, 51 පාබල සේනාංකයේ භටපිරිස් එම වැඩිහිටි නිවාස පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහන 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ආර් රාසික් RSP ndu ගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලදී.