29th December 2025
56 වන පාබල සේනාංකය විසින් 2025 දෙසැම්බර් මස 24 වන දින නෙදුන්කුලම, ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 45 දෙනෙකු වෙත සහ කොක්වේලිය, ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 11 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම පරිත්‍යාගයන් සඳහා මූල්‍යමය දායකත්වය නලිත දිසානායක මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් හා පාසල් මිතුරන් සහ ෆ්‍රී බයිකර් එලයන්ස් වර්ල්ඩ් – ශ්‍රී ලංකා සංවිධානයේ සාමාජිකයින් විසින් දක්වන ලදී.
මෙම අවස්ථාවට 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ.යූ.ඒ සෝලංගආරච්චි RSP ndc psc, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, පරිත්‍යාගශීලීන්, ගුරු මණ්ඩලය සහ දෙමාපියන් සහභාගී වූහ.