30th December 2025
මඩකලපුව සිවිල් සමාජ කමිටුව විසින් මාස 12 ක කාල සීමාවක් පැවති ඩිප්ලෝමා පාඨමාලාවන් සාර්ථකව නිම කරන ලද සිසුන් 200 දෙනෙකු සඳහා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයක්, 2025 දෙසැම්බර් මස 28 වන දින පුනානි හි පිහිටි ජාත්‍යන්තර විද්‍යා හා තාක්‍ෂණ විශ්ව විද්‍යාලයේදී පවත්වන ලදී.
උත්සවය සඳහා සම්භාවනීය අමුත්තන් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලේකුඹුර RWP RSP ndu psc සහ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.පී කුලතිලක ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වූහ.
එහිදී විවිධ විෂය ක්ෂේත්‍රවල ඩිප්ලෝමා පාඨමාලාවන් සාර්ථකව හදාරනු ලැබූ සිසුන් වෙත සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.