යුද්ධ හමුදා භටපිරිස් කිලිනොච්චිය ප්‍රදේශයේදී රුධිර දන්දීමේ වැඩසටහනක් පවත්වයි

78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව 55 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් කිලිනොච්චි රතු කුරුස සමාජය සහ උතුරු පළාත් ජනතා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය සමඟ එක්ව 2026 පෙබරවාරි මස 04 වන දින කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේදී රුධිර දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.