18th February 2026
54 පාබල සේනාංකය සහ 4 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව එක්ව මන්නාරම පවුල් අයෝද්‍ය මධ්‍යස්ථාන දේශණ ශාලාවේදී ගැබිනි මව්වරුන් 162 දෙනෙකු සඳහා දැනුවත් කිරීමේ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 2026 පෙබරවාරි මස 15 වන දින සංවිධානය කරන ලදී.
54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී. අබේකෝන් RWP RSP USP ndc ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.
මෙම සුභසාධන වැඩසටහන සඳහා නේචර්ස් සීක්‍රට්ස් පුද්ගලික සමාගමේ අනුග්‍රාහක දායකත්වය හිමිවිය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයන්, උතුරු පළාතේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ සිවිල් වැසියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.