13th February 2026
කිලිනොච්චිය, අක්කරායන් ප්‍රදේශයේ පැවැති ආගමික පෙරහැරකදී, පුදුකුඩුඉරිප්පු තේවිපුරම් සිට මන්නාරම තිරුකේතීශ්වරම් කෝවිල දක්වා පූජනීය ශිව ලිංග ප්‍රතිමාවක් රැගෙන ගිය බැතිමතුන් පිරිසකට සහය වීම සඳහා 2026 පෙබරවාරි මස 12 දින 11 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් කටයුතු කළහ.
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc ගේ මඟපෙන්වීම යටතේ, බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා අවශ්‍ය සහාය සහ ආහාර පාන ලබා දීමට යුද්ධ හමුදා භට පිරිස් කටයුතු කළහ.