78 වන නිදහස් දිනයට සමගාමීව යුද්ධ හමුදා භටපිරිස් රුධිර දන්දීමේ වැඩසටහනක් පවත්වයි

78 වන නිදහස් දින සැමරුමට සමගාමීව, පේදුරුතුඩුව මූලික රෝහලේ රුධිර අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා 52 වන පාබල සේනාංකයේ උපදෙස් පරිදි එම රෝහලේ රුධිර බැංකුවේ ඉල්ලීමකට අනුව 521 පාබල බලසේනාව විසින් 2026 පෙබරවාරි මස 06 වන රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.

පේදුරුතුඩුව, වඩමාරච්චි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් 521 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන සිදු කරනු ලැබීය.

මෙම වැඩසටහන පේදුරුතුඩුව, වඩමාරච්චි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වූ අතර, ඒ සඳහා 52 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත පාබල බලසේනාවන් සහ ඒකකයන්හි නිලධාරීන් සහ සෙසුනිලයන් 113 දෙනෙකු, පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 11 දෙනෙකු, රාජ්‍ය ආයතන 13 ක නියෝජිතයින් සහ ප්‍රදේශ වාසීන් ද සිය දායකත්වය ලබාදුන්හ.