යුද්ධ හමුදා භටපිරිස් වැලිකන්ද මූලික රෝහලේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් 78 නිදහස් දිනයට සමගාමීව, 2026 පෙබරවාරි මස 03 දින වැලිකන්ද මූලික රෝහලේ දී ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර RWP RSP ndu psc මඟපෙන්වීම යටතේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

වැලිකන්ද මූලික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රදීප් මහතාගේ ඉල්ලීමකට අනුව මෙම ප්‍රජා සුභසාධන වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහනට නිලධාරීන්, සෙසුනිලයන්, මහවැලි ‘බී’ කලාප නේවාසික කළමනාකරණ ප්‍රධාන කාර්යාලයේ නියෝජිතයින්, වැලිකන්ද වෙළඳ සංගමයේ සාමාජිකයින් සහ වැලිකන්ද මූලික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද සහභාගී වූහ.